ලංකාවේ රාජ්‍ය නායකයෙකු විසින් කරන ලද ප්‍රථම ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ප්‍රථම ශී‍්‍ර ලාංකික රාජ්‍ය නායකයා වන්නේ අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාය.
එක්සත් ජාතීන්ගේ 11වන මහා මණ්ඩල රැුස්වීම අමතා ඔහු කළ කථාවේ උපුටාගැනීමක්: ”මගේ රට කුඩා, දුර්වල රටකි. දුගී එකකි. එහෙත් අද
මා සිතන්නේ, විශේෂයෙන්ම මෙවැනි සංවිධානයකදී රටකට කළහැකි සේවය, සාමාජික රටකට කළ හැකි සේවය - එම රටේ ප්‍රමාණයෙන්,
ජනගහනයෙන්, බලයෙන් හෝ ශක්තියෙන් පමණක් නොහැකි බවයි. මෙය සංවිධානයක් ලෙස වඩාත් ඵලදායි වන්නේ මනුෂ්‍යන්ගේ සදාචාරාත්මක
බව හා සභ්‍යත්වය බව ඒකාබද්ධ බලවේගයක් ලෙස ඉදිරියට ගෙනයාම තුළිනි.”
