ජනාධිපතිතුමාගේ පණිවිඩය
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කර වසර 70ක් සපුරන මෙම 2015 වසරේදී, එම අවස්ථාව සමරන ලෝක ප්රජාව සම`ග ශී්ර ලංකාව ද එක්වෙයි. ශී්ර ලංකාවේ ජනතාවට මෙම අවස්ථාව විශේෂ වැදගත්කමක් ගෙනදෙයි. දිගු කාලයක් පුරා අප ජාතියට මගපෙන්වූ ප්රජාතන්ත්රවාදී මූලධර්ම කෙරෙහි අප ජනතාවගේ විශ්වාසය 2015 ජනවාරියේදී පැවති ජනාධිපතිවරණයේදී නැවතත් සනාථ කර ඇති අවස්ථාවක, අපගේ බැඳීම් අළුත් කරමින් සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය කෙරෙහි අපගේ කැපවීම යළි සපථ කරමින් ශී්ර ලංකාව එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය ලබා 60 වසරක් ගතවන සංවත්සරයද අපි සමරමු.
