SRI LANKANS

ඇන්ඩෲ ජේම්ස්

ජෝසෆ්

1958 දී එක්සත් ජාතීන් හා එක්වූ ඇන්ඩෲ ජේම්ස් ජෝසෆ් මහතා 1990 වසරේදී විශ‍්‍රාම යන තුරුම එම සංවිධානයේ සේවයේ නිරත විය. රටවල් තුනක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතයා ලෙස ද, 1989 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි විෂය භාර මහලේකම් ලෙස සහ සහකාර පරිපාලක ලෙස ද කටයුතු කළ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පදවි ගණනාවක් දරා ඇත. දශක හතරකට ආසන්න කාලයක් එක්සත් ජාතීන් ස`දහා සේවය කළ ජෝසෆ් මහතා 2002 වසරේදී මිය ගියේය. ඔහුගේ මරණය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත්කළ හිටපු මහලේකම් කොෆි අනන් මහතා, වෙනත් ජාත්‍යන්තර සංවිධාන ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යන විට දීත් ජෝසෆ් මහතා කාබුල්හි රැුඳීසිටීය යුතු බවට අවධාරණය කිරීම පිළිබඳව සිහිපත් කළේය. මෙය ඔහුගේ නිර්භීතකම පෙන්වූ අවස්ථාවක් පමණක් නොව, ඔහුගේ සමකාලීනයන් පවසන පරිදි, ඔහුගේ සුවිශේෂී කුසලතාවයක් වූ තියුණු දේශපාලනික ඉදිරිදැක්ම පෙන්වූ අවස්ථාවක්ද විය.

ශී‍්‍රමත් ක්ලෝඞ් ස්ටැන්ලි

කොරයා

ශී‍්‍රමත් ක්ලෝඞ් ස්ටැන්ලි කොරයා එක්සත් රාජධානියේ පළමු ලංකා තානාපති වශයෙන් 1946 වසරේදී තානාපති සේවයට එක්විය. ඔහු ඉන්පසු 1948 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ලංකා තානාපති වශයෙන් පත්විය. ලංකාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය, කම්කරු, කර්මාන්ත සහ වෙළඳ අමාත්‍ය වශයෙන් සහ ලංකා ජාතික සභාවේ සභාපති වශයෙන් සිදුකළ විශිෂ්ඨ දේශපාලන සේවයට අමතරව ශී‍්‍රමත් කොරයා 1955 දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගාස්තු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුම :ඨ්ඔඔ*ල හා සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳ භාණ්ඩ විධිවිධාන පිළිබඳ අන්තර්වාර කමිටුවේ 10 වන සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඉන් පසු 1958 ජූනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයා වූ ඔහු 1960 මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ සභාපතිවරයා වූ අතර එම තනතුරට පත්වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා ද විය.

රාජේන්ද්‍ර

කුමාරස්වාමි

රාජේන්ද්‍ර කුමාරස්වාමි මහතා 1961 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) සහකාර පරිපාලක ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ආසියා පැසිෆික් කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ලෙස ද කටයුතු කළේය. 1977 එක්සත් ජාතීන්ගේ සේවයෙන් විශ‍්‍රාම යන තුරුම ලෝකයේ අවම සංවර්ධිත ප‍්‍රදේශයක දුගී ජනතාවගේ තත්ත්වය නංවාලීමේ කටයුතු සඳහා කාර්යාංශය මෙහෙයවීය. ද්වීපාර්ශ්වීය ආධාර බහුපාර්ශ්වීය නැඹුරුතාවකට ගෙන ඒමට සහ තිරසාර සංවර්ධනය දක්වා ක‍්‍රමෝපාය වෙනසක් ඇති කිරීමට රාජේන්ද්‍ර කුමාරස්වාමි මහතා පුරෝගාමී විය. පසු කාලයක අමර්ත්‍යා සෙන් සහ මෙහෙබුබ් අල් හක් යටතේ මෙම සංකල්පය එක්සත් ජාතීන්ගේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන මෙහෙවරක් බවට පත්විය.

ආචාර්ය නෙවිල්

කනකරත්න

ආචාර්ය නෙවිල් කනකරත්න එක්සත් ජාතීන්ගේ භාරකාරත්ව මණ්ඩලයේ උප සභාපති සහ එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයේ නීති උපදේශක ඇතු`ථ පදවි රැුසක සේවය කළේය. 1961 වසරේදී යුධ විරාම සාකච්ඡුාවක් සඳහා ආචාර්ය කනකරත්න, එක්සත් ජාතීන්ගේ මහලේකම් ආචාර්ය ඩැග් හැමර්ස්කැජෝල්ඞ් සමග සහභාගීවීමට නියමිතව සිටි නමුත්, එකී සාම සාකච්ඡුාව සඳහා ප‍්‍රංශ භාෂාව පිළිබඳ මනා පරිචයක් අවශ්‍ය වූ බැවින් ආචාර්ය කනකරත්න වෙනුවට ප‍්‍රංශ නීති උපදේශකවරයෙක් ඒ සඳහා සහභාගීවීමට තෝරා ගන්නා ලදී. මෙම සාකච්ඡුාවට යමින් සිටියදී කොංගෝවේ දී ආචාර්ය ඩෑග් හැමර්ෂල්ඞ් ඇතුළු පිරිස ගුවන් අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ අතර දෛවය විසින් ආචාර්ය කනකරත්න මෙම ගමනට සහභාගීවීම වලක්වනු ලැබීය.

ආචාර්ය නන්දසිරි

ජාසෙන්තුලියන

ආචාර්ය නන්දසිරි ජාසෙන්තුලියන එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස සහ වියනා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කළේය. 1982 දී එක්සත් ජාතීන්ගේ ‘සාමකාමී කාර්යයන් සඳහා අභ්‍යාවකාශය’ යටතේ වූ දෙවන සම්මේලනයේ :ඹභෂීඡු්ක්‍ෑ ෂෂ* විධායක ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කළේය. විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ආචාර්ය ජාසෙන්තුලියන සිය සේවය අඛණ්ඩව ලබාදුන් අතර ‘සාමකාමී කාර්යයන් සඳහා අභ්‍යාවකාශය’ තුන්වන සම්මේලනය :ඹභෂීඡු්ක්‍ෑ ෂෂෂ* සංවිධානය කිරීමට ද දායක විය.

හැමිල්ටන් ෂර්ලි

අමරසිංහ

හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස 1967 දී පත්කරන ලද අතර ඔහු 1980 දක්වාම එම තනතුර හෙබවීය. 1976 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික සභාපතිවරයා ලෙස ඔහු පත්කරනු ලැබුවේය. මීට අමතරව ඔහු සාගර පිළිබඳ සවිස්තරාත්මක ව්‍යවස්ථාවක් සකස් කළ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ තුන්වන සමුළුවේ පළමු සභාපතිවරයා ද විය. මුහුදු පත්ල සහ සාගර බිම සාමකාමී කාර්යයන් සඳහා භාවිත කිරීම පිළිබඳව අධ්‍යයනය කළ එක්සත් ජාතීන්ගේ තත්කාර්ය කමිටුවේ සභාපති ලෙස 1967 සිට 1970 දක්වා කටයුතු කළ තානාපති අමරසිංහ මහතා, ඉන් පසුව 1970 සිට 1973 දක්වා ජාතික අධිකරණ බල සීමාවන්ගෙන් ඔබ්බට මුහුදු පත්ල සහ සාගර බිම සාමකාමී කාර්යයන් සඳහා භාවිතා කිරීම පිළිබඳව වූ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ද විය.

ලක්‍ෂ්මන්

කදිර්ගාමර්

කීර්තිමත් රාජතාන්ත‍්‍රිකයෙකු හා ජාත්‍යන්තර මානුෂවාදියෙකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා 1974 සිට 1976 දක්වා ෂඛධ හි උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ ඔහු සතු වූ හසල දැනුම නිසාම, ඔහු ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සංවිධානයේ :උෂඡුධ* ආසියා පැසිෆික් කාර්යාලයේ ප‍්‍රථම අධ්‍යක්ෂකවරයා වශයෙන් 1983 දී පත්කරන ලදී. කදිරගාමර් මහතා විසින් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය ප‍්‍රතිශෝදනය කිරීමෙහිලා විශිෂ්ඨ කාර්යයභාරයක් ඉටු කරන ලදී. වෘත්තියෙන් නීතීඥයෙකු වූ කදිර්ගාමර් මහතා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වර්ෂ 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2005 දක්වාත් සේවය කරන ලදී.

ආචාර්ය ගාමණී

කොරයා

ආචාර්ය ගාමධෑ කොරයා 1974-1985 අතර කාලයේදී එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධන සම්මේලනයේ මහලේකම් ධූරයට සහ එක්සත් ජාතීන්ගේ විෂයභාර මහලේකම් ධූරය ද ඉසිලූවේය. එවක මහලේකම් කර්ට් වෝල්ඞ්හයිම් විසින් 1974 දී මෙම ධූරයට ආචාර්ය කොරයා පත්කරන ලද අතර ඉන් පසු තෙවරක්ම නැවත එම පදවියටම පත්කරන ලදුව, 1984 වසර අවසානය දක්වාම එහි සේවය කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලසුම් පිළිබඳ කමිටුව, මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය සහ වෙනත් ඉහළ මට්ටමේ කමිටු සහ සභාවල තනතුරු හොබවමින් ආචාර්ය කොරයා එක්සත් ජාතීන්ට මහ`ගු සේවයක් සිදු කළේය.

විනිසුරු සී. ජී

වීරමන්තී‍්‍ර

1991 සිට 2000 වසර දක්වා ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 1997 සිට 2000 වසර දක්වා ලෝක අධිකරණයේ උප සභාපතිවරයා ද විය. සිය නඩු තීන්දු වලින් සහ ප‍්‍රකාශයට පත් කළ ග‍්‍රන්ථ ම`ගින් ඔහු ජාත්‍යන්තර නීතියේ ප‍්‍රවර්ධනය සඳහා විශිෂ්ඨ සේවාවක් කළ අයෙකි. ඔහු විසින් ප‍්‍රකාශිත නඩු තීන්දු අතර, න්‍යෂ්ඨික අවි නීති විරෝධී බව (1996*, ජාත්‍යන්තර නීතිය හමුවේ සාධාරණත්වය (1997* සහ ශී‍්‍ර ලංකාවේ පැරණි වාරි පද්ධති කෙරෙහි ලෝක අවධානය යොමු කළ තිරසාර සංවර්ධනය පිළිබඳ ප‍්‍රකට අධිකරණ තීරණ ද විය (1997*. ජාත්‍යන්තර අධිකරණයේ සේවයට පෙර විනිසුරු විරමන්ත‍්‍රී, 1967 සිට 1972 දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ අතර, ඔහුගේ සේවා කාලය ඇරඹෙන්නේ 1948 වසරේදීය. විනිසුරු විරමන්ත‍්‍රී, සාම අධ්‍යාපනය පිළිබඳ යුනෙස්කෝ සම්මානයෙන් ද (2006*, නිවැරදි ජීවනෝපාය සම්මානය ද (2007* දිනාගත් අතර ලොව විවිධ රටවල ප‍්‍රමුඛ සරසවි වලින් ආචාර්ය උපාධි රැුසක් හිමිකර ගත්තේය.

ආචාර්ය ජයන්ත

ධනපාල

සාමය නඟා සිටුවීම පිළිබ`ද හා නිරායුධකරණය පිළිබ`ද විශේෂඥයෙකු ලෙස සහ සමානාත්මතාව පිළිබඳ ගෝලීය ප‍්‍රතිමාන සඳහා සහාය දුන් අයෙකු ලෙස, ආචාර්ය ජයන්ත ධනපාල ජාතික සහ අන්තර්ජාතික තානාපතිවරයෙකු ලෙස විශිෂ්ඨ වෘත්තීමය වාර්තාවක් තබා ඇත. සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ සංවර්ධනය වන රටවල් මුහුණ දෙන ගැටළු අවධාරණය කිරීමෙහිලා ඔහු ප‍්‍රධානත්වය ගෙන කටයුතු කළේය. 1997 දී සිදුකළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිසංස්කරණයන්ගෙන් පසුව නිරායුධකරණ දෙපාර්තමේන්තුව නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ අභියෝගයට විෂයභාර මහලේකම් ලෙස ආචාර්ය ධනපාල එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් මහතා විසින් පුද්ගලිකව තෝරාගන්නා ලදී. 1995දී නිතර`ගයෙන් සම්මතවූ න්‍යෂ්ඨික ආයුධ සීමාකිරීමේ සමමුතිය සමාලෝචන සහ විස්තීර්ණ කිරීමේ කණ්ඩායමේ සභාපති ලෙස ආචාර්ය ධනපාලගේ සේවය මහත්සේ අගය කරන ලදී.

මහාචාර්ය සවිත‍්‍රි

ගුණසේකර

නිතිය පිළිබ`ද ගෞරවලත් මහාචාර්ය සවිතී‍්‍ර ගුණසේකර කොළඹ විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම කාන්තා උපකුලපතිනිය වූවාය. මහාචාර්ය ගුණසේකර ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් නීතිය, නීති අධ්‍යාපන සංවර්ධනය යන අංශ වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් සිය පර්යේෂණ දායකත්වය සපයා ඇත. ඇය, කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කම් දුරුකිරීමේ සම්මුතිය පිළිබඳ කමිටුවෙහි 1999 සිට 2002 දක්වා කාලය තුල සේවය කළාය. මානව හිමිකම් කවුන්සිලයේ 18 වන සැසිවාරයේ කටයුතු සඳහා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සමෝධායනය කිරීමේ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද මෑතකදී ඇය සේවය කළාය. 2005 සිට 2011 කාලය තුළ හිංසනයේ වින්දිතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ භාරකාර අරමුදලේ සාමාජිකාවක ලෙසද ඇය සේවය කළාය.

ප‍්‍රසාද්

කාරියවසම්

ප‍්‍රසාද් කාරියවසම් මහතා 1981 දී විදේශ සේවයට එක්වූ ශී‍්‍ර ලාංකික තානාපතිවරයෙකි. 2005 වසරේදී ඔහු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස පත්කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන විට ඔහු ඉන්දියන් සාගරය පිළිබඳ තත්කාර්ය කමිටුවේ, ත‍්‍රස්තවාදය පිළිබඳ තත්කාර්ය කමිටුවේ සහ මානව හිමිකම් ගිවිසුම් සංවිධානවල සභාපතිවරුන්ගේ තුන්වන අන්තර් කමිටු රැුස්වීමේ සහ දාසයවන කමිටු රැුස්වීමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 2003 දී එතුමා සංක‍්‍රමණික සේවකයින් පිළිබඳ කමිටුවේ පළමු සභාපතිවරයා ලෙස ද තේරී පත්විය. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නැවත පත්වූ ඔහු 2017 අවසානය තෙක් වසර හතරක් එම පදවිය දරනු ලබයි. කාරියවසම් මහතා වර්තමාන එක්සත් ජනපදයේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

ආචාර්ය රධිකා

කුමාරස්වාමි

වෘත්තියෙන් නීතිඥවරියක වන ආචාර්ය රධිකා කුමාරස්වාමි ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ අතර, කාන්තා හිංසනයට එරෙහි විශේෂ නියෝජිතවරියක ලෙස සේවය කළ 1994-2003 කාලය තුල කැපීපෙනෙන විශිෂ්ඨ සේවාවක් ඉටුකළ මානව හිමිකම්වාදිනියක ලෙස ජාත්‍යන්තර කීර්තිය දිනාගෙන ඇත. 2006 වසරේදී ළමුන් හා අවිගැටුම් පිළිබඳ විශේෂ නියෝජිතවරියක සහ විෂයභාර මහලේකම්වරියක ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් මහතා විසින් ආචාර්ය රධිකා කුමාරස්වාමි පත්කරන ලදී. 2007 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා විසින් එම තනතුරටම ඇයව නැවත පත්කරන ලද අතර වසර 2012 දක්වාම එම තනතුර හෙබවූවාය. වර්තාමානයේ එතුමිය අවි ගැටුම නිසා පීඩාවටපත් ළමුන්ගේ ආරක්‍ෂාව සහ හිමිකම් වෙනුවෙන් මූලිකත්වය ලබා දෙමින් සහ දැනුවත්බව ඇතිකරමින් සදාචාරාත්මක සහ ස්වාධීන උපදේශිකාවක් ලෙස කටයුතු කරන්නීය.

මහාචාර්ය මොහාන්

මුණසිංහ

මහාචාර්ය මොහාන් මුණසිංහ, 1998 දී පිහිටුවන ලද දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ආරම්භයේ සිටම එහි සේවය කළේය. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් දැනුම ලබාදීම සහ දැනුවත්කිරීම සඳහා 2007 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජනපදයේ උප ජනාධිපති අල් ගෝරේ මහතා සමග සමසේ හිමිකර ගන්නා විට මහාචාර්ය මුණසිංහ ෂඡුක්‍ක්‍ මණ්ඩලයේ උප සභාපතිවරයා විය. ඔහුගේ වසර 40 ක විශිෂ්ඨ සේවයේ දී ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන රැුසක විශේෂඥයෙකු/උපදේශකවරයෙකු ලෙස සේවය කළ අතර දැනටත් අඛණ්ඩව සිය සේවය ලබා දෙයි.

ආචාර්ය රොහාන්

පෙරේරා

ආචාර්ය රොහාන් පෙරේරා වර්තමානයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කරයි. ඔහුගේ තිස් වසරකට වැඩි සේවා කාලයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ ආචාර්ය පෙරේරා විදේශීය වෙළඳ සහ ආයෝජන, සාගර මායිම් ගිවිසුම්, අන්‍යෝන්‍ය නීති සහයෝගීතාවය සහ අපරාධකරුවන් හුවමාරුව වැනි විවිධ විෂයයන් යටතේ වූ ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ගිවිසුම් ගණනාවක් සඳහා ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් සාකච්ඡුා කරන ලදී. ආචාර්ය පෙරේරා ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය වැලැක්වීමට ගතයුතු පියවර පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ තත්කාර්ය කමිටුවේ මුලසුන හොබවයි. වසර 2007 සිට 2011 කාලය තුලදී ඔහු ජාත්‍යන්තර නීති කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස ද සේවය කරන ලදී.

කන්නි

විග්නරාජා

කන්නි විග්නරාජා මැතිනිය වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරන්නීය. මීට ඉහතදී ඇය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සංවර්ධන ප‍්‍රතිපත්ති කාර්යාංශයේ නිපුණතා සංවර්ධන කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරිය වූවාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ප‍්‍රධාන කාර්යාලයේ සහ වෙනත් රටවල වසර 15 කට වඩා කාලයක් ඇය සේවය කළාය. විග්නරාජා මැතිනිය වියට්නාමයේ සහ ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නේවාසික නියෝජිතවරිය ලෙස ද, සැම්බියාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය ලෙස ද, ආසියා පැසිෆික් කාර්යාංශයේ ප‍්‍රාදේශීය වැඩසටහන් පිළිබඳ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත. වියට්නාමයේ දී විග්නරාජා මහත්මිය විසින් සිදුකරන ලද සංවර්ධන සහ නීති ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇගයීමට ලක්කරමින් ඇයට එරට ජාතික සම්භාවනීය පදක්කම පිරිනමන ලදී.

වෛද්‍ය හිරන්ති

විජේමාන්න

වෛද්‍ය හිරන්ති විජේමාන්න එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් පිළිබඳ කමිටුවට පත්කළ සාමාජිකයින් නවදෙනාගෙන් කෙනෙකි. වෛද්‍ය විජේමාන්න වෘත්තියෙන් කායික වෛද්‍යවරියක වන අතර ශී‍්‍ර ලංකා සාම ලේකම් කාර්යාලයේ සහ පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. මීට ඉහතදී ඇය ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස ද, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි :ඹභෂක්‍ෑත්‍* ජාතික වෘත්තීය නිලධාරිනියක ලෙස ද සේවය කරමින් ළමා සෞඛ්‍යය, පෝෂණය, මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්‍ෂණය සහ ගැටුම් නිසා පීඩාවට පත් ළමුන් පිළිබඳව කටයුතු කළාය. ඇය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ :ෂඛධ* සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි :ඹභත්‍ඡු්* උපදේශකවරියක ලෙස ද කටයුතු කළාය. වෛද්‍ය විජේමාන්න මැතිනිය ළමා අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දශක හතරකට වැඩි කාලයක් කටයුතු කර ඇත.

ගේ‍්‍රස්

ආසිර්වාදම්

ගේ‍්‍රස් ආසිර්වාදම් මැතිනිය රසායනික අවි වාරන සංවිධානයේ :ධඡුක්‍උ* නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියයි. ගේ‍්‍රස් ආසිර්වාදම් මැතිනියට ශී‍්‍ර ලංකා තානාපති සේවයේ දිගු වෘත්තීය ඉතිහාසයක් ඇති අතර එම කාලය තුලදී ඇය කොළඹ ප‍්‍රදේශයේ තානාපති සේවයට අදාල පදවි කිහිපයක්ම දරන ලදී. මෑතකදී පටන් ඇය විදේශ කටයුතු ආමත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබ`ද අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන්නීය. ඇය රාජ්‍යතාන්ත‍්‍රවරියකු ලෙස පකිස්තානයේ සහ ජර්මනියේ සේවය කළ අතර, නේපාලයේ සහ නෙදර්ලන්තයේ තානාපතිනිය ලෙස ද කටයුතු කළාය.

ආචාර්ය දීපිකා

උඩගම

ආචාර්ය දීපිකා උඩගම මානව හිමිකම් ක්‍ෂේත‍්‍රයේ තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡුා අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකාවක (2008-2013* ලෙස ද 2012 වසරේ එහි සභාපතිනිය ලෙස ද සේවය කළාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්‍ෂාව සහ ප‍්‍රවර්ධනය පිළිබඳ උප කමිටුවෙහි (දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් උපදේශක කමිටුව* ශී‍්‍ර ලංකාවේ විකල්ප සාමාජිකාවක් ලෙස ද (1998 -2001* ගෝලීයකරණය සහ මානව අයිතීන් පිළිබඳව එහි බලපෑම පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ අනු කොමිසමේහි විශේෂ සම වාර්තාකාරිනිය ලෙස ද (1999 -2001* ඇය පත්වූවාය. වර්තමානයේ ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නීය. මානව හිමිකම් සඳහා දකුණු ආසියානු සංවිධානයේ (SAHR) කාර්යාංශ සාමාජිකාවක් ලෙස ද ආචාර්ය උඩගම කටයුතු කරයි.

අරුනි

විජේවර්ධන

අරුනි විජේවර්ධන මැතිනිය 1988 වසරේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති නිලධාරිනියක ලෙස සේවයේ නිරත වූවාය. ඇය ඔස්ටි‍්‍රයාවේ, මලයාසියාවේ, පිලිපීනයේ සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජීත හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනිය වූවාය. 2013 වසරේ දී වියනාවේ පිහිටි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ පාලක මණ්ඩලයේ ලේකම්වරිය ලෙස එතුමිය පත්කරන ලදී. මහා පරිමාණ න්‍යෂ්ඨික අත්හදාබැලීම් තහනම් කිරීම පිළිබඳ ප‍්‍රඥප්ති සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය වූ ඇය, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සත්‍යාපනය පිළිබඳ රාජ්‍ය විශේෂඥයින්ගේ මණ්ඩලයේ හිටපු සාමාජිකාවක්ද වූවාය.

ඒ. එල්. ඒ

අසීස්

ඒ. එල්. ඒ. අසීස් මහතා 1992 වසරේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති නිලධාරියෙකු ලෙස කටයුතු කළේය. අසීස් මහතා වර්තමානයේ ඔස්ටි‍්‍රයාවේ වියනා නුවර එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතයා සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල ශී‍්‍ර ලංකාවේ නියෝජිතවරයා ලෙස කටයුතු කරයි. ඔහු බහුපාර්ශ්වීය තානාපති කමිටුවේ සහ මහා පරිමාණ න්‍යෂ්ඨික අත්හදාබැලීම් තහනම් කිරීම පිළිබඳ ප‍්‍රඥප්ති සංවිධානයේ ප‍්‍රාරම්භක කොමිසමෙහි සහ කාර්යසාධක කණ්ඩායමේ (Working Group A) සභාපතිවරයා වන අතර එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ද වෙයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ 2014 වසරේ පවත්වන ලද 58 වන මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස තේරීපත්වූ අසීස් මහතා 77 කණ්ඩායමේ (G-77) වියනා පාර්ශ්වයේ සභාපතිවරයාද වෙයි.