1948 ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO)හි නව දිල්ලි කාර්යාලය 1948 දී විවෘත කරන ලද අතර එය
බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශී‍්‍ර ලංකාව සඳහා වූ UNESCO කාර්යාලය ලෙස නම් කරන ලදී. 1949
නොවැම්බර් මාසයේ දී UNESCO සඳහා වූ ශී‍්‍ර ලංකාවේ ජාතික කොමිෂන් සභාව පිහිටුවන ලද අතර 2010 මාර්තු මාසයේ දී UNESCO දිල්ලි පර්ෂද
කාර්යාලයේ දේශීය කේන්ද්‍රීය කාර්යාලය ශී‍්‍ර ලංකාවේ පිහිටුවන ලදී.
ශී‍්‍ර ලංකාව තුළ ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය තුලින් ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ප්‍රමිතිය නංවාලීම සඳහා UNESCO අවධානය යොමු කර ඇත. මේ
සඳහා ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහාවූ දකුණු ආසියානු මධ්‍යස්ථානය (UNESCO) ශී‍්‍ර ලංකාවේ පිහිටුවන
ලදී. සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපන නංවාලීමට කි‍්‍රයාකාරී සැලසුම් කි‍්‍රයාත්මක කිරීම, ලෝක උරුම භූමි කළමනාකරණයට
සහයෝගය ලබාදීම සහ ජෛව විවිධත්ව සහ පරිසර පද්ධති සේවා සඳහා පර්යේෂණ සහ නියාමන මධ්‍යස්ථාන සැපයීම UNESCO මගින් සිදුකරන
අනෙකුත් කාර්යයන් වේ.
